දයානන්ද ගුණවර්ධන (1934 - 1993)
ශ්‍රී ලාංකික නාට්‍ය වංශ කථාවේ මහාචාර්ය සරත්චන්ද්‍රයන් එලි පෙහෙලි කල පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය රංගභූමියෙන් කල එලි බැස, ජනශ්රැතිය මුල් කරගත් දේශජ නාට්‍ය වර්ණාවලියකින්, හෙල රංගභූමිය සිත්තම් කල ජන නාට්‍ය විශාරද දයානන්ද ගුණවර්ධන මහතා ශ්‍රී ලාංකීය නාට්‍ය කලාවක් ඇතිකිරීමෙහිලා කටයුතු කල එක් පුරෝගාමියෙකි.
ශෛලිගත නාට්‍ය සම්ප්රදායේ සිට වාර්ථා රංගය දක්වා සිය කලා කෞෂල්‍ය ප්‍රකට කල ඒ මහතා රචනා කර නිෂ්පාදනය කල නාට්‍ය බොහොමයකි. ඒ අතුරින් තවමත් නිෂ්පාදනයේ පවතින නාට්‍ය අතලොස්ස පහත දැක්වේ.
Dayanada Gunawardena (1934 - 1993) is a Sri Lankan dramatist who has written and directed many famed theatre productions in Sri Lanka. He was also an actor, lyricist and a radio and television program producer.
1960 දී මුලින් ම පාසල් නාට්‍යක් ලෙස කොළඹ තර්ස්ටන් විද්‍යාලයේදී වේදිකා ගතවන නරි බෑනා, පසුව ප්‍රසිද්ධ නාට්‍යයක් ලෙස දයානන්ද ගුණවර්ධනයන් 1961 දී නිෂ්පාදනය කරන ලදී. වසරක් ඇතුලත දර්ශන 100 යේ කඩඉම 1962 දී පසුකරන නරි බෑනා, මෙරට නාට්‍ය අතුරින් ජනප්‍රියත ම නාට්‍යය ලෙස ජනතා ප්‍රසාදය දිනා සිටී.
1975 දී ශ්‍රී ලාංකීය වේදිකාවට "වාර්ථා රංග ශෛලය" හඳුන්වාදුන් නාට්‍ය ලෙස සඳහන් කල හැක. ගජමන් නෝනාගේ ජීවිතය හා එහි ඇති සමකාලීන වැදගත් කම දුටු දයානන්ද ගුණවර්ධනයන් විසින් ගජමන් නෝනා චරිතය නැවත වර්ථමාන සාහිත්‍ය කථිකාවතට එක් කරන ලදී. ගජමන් පුවත දයානන්ද ගුණවර්ධනයන්ගේ විශිෂ්ඨතම නාට්‍ය නිර්මාණය බව විචාරක මතයයි.
1983 දී නැවතත් වාර්ථා රංග ශෛලයේ නාට්‍යයක් වේදිකාගත වන අතර එය ජන ගී, ජන නැටුම් හා ජන රංග ක්‍රම ආශ්‍රය කොට ගෙන නිර්මාණය වී ඇත. රාම රාවණා යුගයේ පටන් වංශවතීලා ඩුබායි යන කාලය දක්වා සිරිලක සසල කල රංග තරංග සංදර්ශනාත්මකව ජවනිකාවෙන් ජවනිකාවට ගෙන එන මධුර ජවනිකා, දයානන්ද ගුණවර්ධනයන්ගේ තවත් සාර්ථක නිර්මාණයකි.
1963 දී මුලින්ම වේදිකා ගතවූ බක් මහා අකුණු නාට්‍ය, ප්‍රංශ නාට්යකරැ Pierre-Augustin Caron de Beaumarchais ගේ The Marriage of Figaro නාට්‍යයේ ඡායානුවාදයක් බව දයානන්ද ගුණවර්ධනයන් සඳහන් කරයි. කැරකෙන වේදිකාව මුලින්ම ලාංකේය වේදිකාවක අත්හදා බැලූ බක් මහා අකුණු, 1969 දී චිත්‍රපටියක් ලෙසද තිරගත වූයේ "බක් මහා දීගේ" නමිනි. කන්ද උඩින් හඳ පායන ලීලා, මලකින් මලකට, ආදර හැඟුම් ඇතුලු ජනප්‍රිය ගීත රැසක් ඇතුලත් හාස්‍ය රසය නොමද නාට්‍යයකි.
ජසයා සහ ලෙන්චිනා (Jasaya and Lenchina)
1965 දී වේදිකා ගත වුනු ජසයා සහ ලෙන්චිනා, එම කෝලම වේදිකාවට සැලසෙන අයුරින් රෝහණ බැද්දගේ මහතාගේ සහයෝගය ඇතිව සිදුකරන ලදී. නරි බෑනා නාට්‍ය සමඟ වේදිකා ගත වන මෙම නාට්‍ය රචනා කලේ මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ඉල්ලීමකට බව දයානන්ද ගුණවර්ධනයන් එම පොතේ එන සංඥාපයේ සඳහන් කරයි.